25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉලංගෙයි තමිල් අරුසකච්චි නායක මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි

ඉලංගෙයි තමිල් අරුසකච්චි නායක මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි

යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ (29) රාත්‍රියේ දී අභාවප්‍රාප්ත විය.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රමුඛතම හා විශාලතම පක්ෂය වන ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායකත්වය දැරූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 82ක් විය.

පසුගිය 28 වැනි දින නිවසේ සිටියදී බිම ඇද වැටීමෙන් ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු සේනාධිරාජා මහතාගේ මෘත දේහය දැනට යාපනය ශික්ෂණ රෝහලේ තබා ඇත. මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය පවුලේ ඥාතීන් වෙත භාර දීමට කටයුතු යොදා ඇත.