― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeNewsAccidentවොෂින්ටන් ගුවන් අනතුරින් මියගිය 27 දෙනෙකුගේ සිරුරු සොයාගැනේ

වොෂින්ටන් ගුවන් අනතුරින් මියගිය 27 දෙනෙකුගේ සිරුරු සොයාගැනේ

වොෂින්ටන් ඩීසී හි සිදු වූ දරුණු ගුවන් අනතුරේ විමර්ශන කටයුතු සඳහා වැදගත් වන පියාසැරි දත්ත රෙකෝඩරය සහ නියමු කුටියේ හඬ රෙකෝඩරය විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

ධවල මන්දිරයට කිලෝමීටර් 5ක් දුරින් ගුවන් හමුදා හෙලිකොප්ටරයක් සහ මගී ජෙට් යානාවක් ගැටීමෙන් මෙම අනතුර පෙරේදා (29) රාත්‍රියේ සිදුවිය. අනතුරින් පසු යානා දෙකම රොනල්ඩ් රේගන් ගුවන්තොටුපොළට ගොඩබැස්සීමට උත්සාහ දරමින් සිටියදී පොටෝමැක් ගංගාවට ඇද වැටිණි.

අනතුර සිදුවන අවස්ථාවේ යානා දෙකෙහි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 64 දෙනෙකු සිට ඇති අතර, මේ වන විට ඉන් 27 දෙනෙකුගේ මෘත දේහ ගංගාවෙන් සොයාගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, හෙලිකොප්ටරය අමෙරිකානු ගුවන් සේවයට අයත් වූ අතර එහි සොල්දාදුවන් තිදෙනෙකු ගමන් කර ඇත. මෙම අනතුරට ලක්වූයේ PSA ගුවන් සේවයේ බොම්බාර්ඩියර් CRJ700 ජෙට් යානාව සහ සිකෝර්ස්කි UH-60 බ්ලැක් හෝක් හෙලිකොප්ටරයයි.

අනතුරේ හේතුව සොයා බැලීම සඳහා යානාවල ‘කළු පෙට්ටි’ ඉතා වැදගත් වන බැවින්, ඒවා අනතුර සිදුවූ ස්ථානයට ආසන්නව පිහිටි NTSB රසායනාගාරයට විශ්ලේෂණය සඳහා යොමු කර ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

මෙම හෙලිකොප්ටර් යානාව හමුදා පුහුණුවීමක් සඳහා යොදාගෙන තිබූ බව ද අනාවරණය වී තිබේ.

ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම අනතුර පිළිබඳව සිය බලවත් ශෝකය පළකරමින්, සිදුවීමෙන් තම හදවත බිඳී ගිය බව පැවසීය.