― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsඅම්බලන්තොට රත්කළ සිදුවීමේ සැකකරුවන් හඳුනා ගැනෙයි

අම්බලන්තොට රත්කළ සිදුවීමේ සැකකරුවන් හඳුනා ගැනෙයි

අම්බලන්තොට පොලිස් වසමේ ඇලේගොඩ බටහිර ප්‍රදේශයේ ඊයේ (2) සවස 7.30ට පමණ සිදුවූ ප්‍රචණ්ඩ ගැටුමකින් පුද්ගලයින් තිදෙනෙකු මරණයට පත්ව ඇති බව පොලීසිය වාර්තා කරයි.

පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති ආකාරයට, පුද්ගලයින් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අම්බලන්තොට මාමඩල ඇලේගොඩ බටහිර ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි සිටි තිදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇත. මෙම සිද්ධියේදී එක් අයෙකු සිද්ධිස්ථානයේදීම මියගොස් ඇති අතර, අනෙක් දෙදෙනා අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගිය පුද්ගලයින් තිදෙනා හෙට්ටිආරච්චිගේ ප්‍රභාත් ඉන්දික (39), හේවාකුමානායක රසික ප්‍රියදර්ශන (45) සහ මාදව උදයංග මල්ලිකාරච්චි (34) ලෙස හඳුනාගෙන ඇති අතර, ඔවුන් ඇලේගොඩ හා මාමඩල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි. සියලු මෘත දේහවලම බරපතල කැපුම් තුවාල ඇති බව වාර්තා වේ.

තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීම යටතේ අම්බලන්තොට පොලීසිය ප්‍රමුඛ කිහිප පොලිස් ස්ථානයක නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටින අතර, මේ වන විට සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.

ප්‍රාථමික විමර්ශනවලින් හෙළිවී ඇති පරිදි, නීති විරෝධී මත්පැන් ජාවාරමට සම්බන්ධ දෙපාර්ශවයක් අතර දීර්ඝ කාලීනව පැවති ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට සැක කෙරෙන නමුත්, නිශ්චිත හේතුව තවමත් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.