28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතවත් සැක වාහන පහක් කලවානෙන් අල්ලයි

තවත් සැක වාහන පහක් කලවානෙන් අල්ලයි

ව්‍යාජ එන්ජින් අංක හා චැසි අංක යෙදූ රුපියල් කෝටි 7ක් පමණ වටිනා වාහන 5ක් රත්නපුර කලවාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායයි වැටලීම සිදුකර තිබෙන්නේ.

කලවාන ප්‍රදේශයේ කෝටිපති  වාහන අලෙවිකරුවෙකු ව්‍යාජ එන්ජින් සහ චැසි අංක යොදා කූඨ ලේඛණ සකස් කර වාහන අලෙවි කරන බවට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඉන්දික වීරසිංහ මහතා වෙත තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව නිලධාරීන් යොදවා කළ සැලසුමකට අනුව විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් මගින් මෙම වැටලීම කළ බවයි පොලිසිය පවසන්නේ.

වැටලීම සිදු කිරීමට යාමේදී මෙම වාහන පහ ස්ථාන තුනක සඟවා තිබූ බවයි පොලිස් නිලධාරීන් පවසන්නේ.

වැටලීම සිදු කිරීමේදී අදාළ සැකකරු ක්ලාන්තව ඇදවැටී රත්නපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිස්පතිගේ සෘජු අධීක්ෂණය යටතේ මේ පිළිබද වැඩිදුරටත් විමර්ශන සිදු කරන බවයි වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසන්නේ.