25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගොවි වන්දි නොලැබුණානම් මේ අංකයට කියන්න

ගොවි වන්දි නොලැබුණානම් මේ අංකයට කියන්න

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මහකන්නයේ වගා හානි සඳහා වන්දි ගෙවීම් ආරම්භ කර ඇති බව එම මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පවසයි. ගිය මස 28 වැනිදා වන විටත් වන්දි නොලැබුණු ගොවීන් සිටී නම් ඔවුන් ‘1918’ ක්ෂණික දුරකතන අංකය ඔස්සේ ඒ බව දැනුම් දිය යුතු බව ද සභාපතිවරයා අවධාරණය කරයි.

පොලොන්නරුව, මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවල ගොවීන් 6,234 දෙනෙකුගේ ගිණුම් වෙත රුපියල් කෝටි 16.8ක මුදලක් බැර කෙරෙන අතර, අනෙකුත් දිස්ත්‍රික්කවල වගා හානි සඳහා ද ගිය මස 28 දිනට පෙර වන්දි ගෙවීමට පියවර ගෙන තිබේ.

2024 වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුර හේතුවෙන් ගොවීන් 55,000ක් පමණ මහකන්නයේ වගා හානිවලට මුහුණ දුන් අතර, අක්කර 75,000ක පමණ වගාබිම් ප්‍රමාණයක් විනාශ විය. මෙම වගා හානි සඳහා රජය රුපියල් කෝටි 18.5ක මුදලක් වෙන් කර ඇති අතර, සමස්ත වසර සඳහා වගා හානි වන්දි වෙනුවෙන් රුපියල් කෝටි 100ක් වෙන් කර තිබේ.

සභාපතිවරයා පෙන්වා දෙන පරිදි, වගා හානිය සිදුවී දෙමසක් වැනි කෙටි කාලයක් තුළ රජය වන්දි ගෙවීමට කටයුතු කර ඇත. තවද, පසුගිය රජය යටතේ යල කන්නයේ සිදු වූ වගා හානි වන්දි පසුගිය මාසය දක්වා ගෙවා ඇති බව ද ඔහු සඳහන් කරයි.

වන්දි මුදල් ගෙවීමේදී සිදුවිය හැකි අක්‍රමිකතා වැළැක්වීම සඳහා, මුදල් කෙලින්ම ගොවීන්ගේ බැංකු ගිණුම්වලට බැර කෙරෙන අතර, ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරියාගේ නිර්දේශය මත පමණක් වන්දි මුදල් නිදහස් කෙරේ.