24 C
Colombo
Saturday, October 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅඩුවෙන ජල ගාස්තුව

අඩුවෙන ජල ගාස්තුව

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල ගාස්තුව සියයට 10 සිට 30 දක්වා ප්‍රමාණයකින් අඩු කිරීමට සැලසුම් කර ඇත.

මේ සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇති අතර, එම කමිටු වාර්තාව ඉදිරි දින කිහිපය තුළ ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා වෙත භාරදීමට නියමිතය.

සභාපතිවරයා විසින් එම වාර්තාව විෂයභාර අමාත්‍යවරයාට යොමු කිරීමෙන් අනතුරුව, අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත.

මෑතකදී සිදු වූ විදුලි බිල්පත් අඩුවීමත් සමඟ ජල ගාස්තු අඩු කිරීම සඳහා ද පියවර ගැනීමට මණ්ඩලය තීරණය කර ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.