27.2 C
Colombo
Saturday, August 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද දින කාලගුණ වාර්තාව

අද දින කාලගුණ වාර්තාව

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, අද (05) දින ඌව පළාතේ සහ මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය හා හම්බන්තොට දිස්ත්‍රික්කවල සුළු වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.

සවස් යාමයේ හෝ රාත්‍රී කාලයේදී ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව ද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය.

තවද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.