28.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල යලි ඉහලට

සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල යලි ඉහලට

රට තුළ භාවිතා කරන ලද වාහන සඳහා වන මිල ගණන් නැවතත් ඉහළ යන ප්‍රවණතාවයක් වාර්තා වෙමින් තිබේ. රජය විසින් හඳුන්වා දුන් නව බදු ක්‍රමය හේතුවෙන් ආනයනික වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යාම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ.

පසුගිය දින කිහිපය තුළ දෙවන පෙළ වාහන වෙළඳපොළෙහි සැලකිය යුතු මිල අඩුවීමක් මෙන්ම අලෙවිය අඩුවීමක් ද දක්නට ලැබුණි. මෙයට හේතු වූයේ පැවති බදු අනුපාත යටතේම නව වාහන ආනයනය සිදුවනු ඇතැයි පාරිභෝගිකයන් තුළ පැවති බලාපොරොත්තුවයි.

කෙසේ වෙතත්, නව බදු ක්‍රමය හඳුන්වාදීමෙන් අනතුරුව ආනයනික වාහන මිල ඉහළ යාමත් සමඟ භාවිත කළ වාහන මිල ද ඉහළ ගොස් තිබේ. මෙම මිල ඉහළ යාම දිවයිනේ ප්‍රමුඛ වාහන අලෙවි වෙබ් අඩවි කිහිපයක් ඔස්සේම තහවුරු කර ගත හැක.