27 C
Colombo
Friday, October 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeUncategorizedඩයනා ගමගේට වරෙන්තු

ඩයනා ගමගේට වරෙන්තු

ආගමන – විගමන පනත උල්ලංඝනය කිරීමේ චෝදනා මත පවරා ඇති නඩුවල සැකකාරිණිය වන හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයට නියෝග කර තිබෙනවා.

අද (06) පෙරවරුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේ දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබුවා.

ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආගමන – විගමන සිද්ධීන් 07ක් උල්ලංඝනය කිරීමේ චෝදනාවලට නඩු පවරා තිබූ බැවින් එම නඩුව අද කැඳවූ අවස්ථාවේ දී විත්තිකාරිණිය වන ඩයනා ගමගේ මහත්මිය අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

එම අවස්ථාවේදීයි අධිකරණ විනිසුරුවරිය මෙම වරෙන්තුව නිකුත් කළේ.

ඒ අනුව එම නඩුව යළි අප්‍රේල් මස 27 වැනි දා කැඳවීමට ද අධිකරණය නියෝග කළා.