― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsසහතික මිලට වී මිලදී ගැනීමට අද සිට ගබඩා විවෘතයි

සහතික මිලට වී මිලදී ගැනීමට අද සිට ගබඩා විවෘතයි

රජය නියම කළ සහතික මිලට වී මිලදී ගැනීමට අද සිට ගබඩා විවෘතව තබන බව වී අලෙවි මණ්ඩලය නිවේදනය කරනවා.

නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 120කටත්, සම්බා රුපියල් 125කටත් ,කීරි සම්බා රුපියල් 132කටත් මිලදී ගැනීමට සියලු කටයුතු සූදානම්ව පවතිනවා.

රජයේ සහතික වී මිල නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙවර මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ වන විට සුළු වශයෙන් සිදුවුව ද ඉදිරි දින කිහිපයේ මහා පරිමාණයෙන් අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ කෙරෙනවා.

ඒ අනුවයි වී මිලදී ගැනීමට රජය කටයුතු යොදා ඇත්තේ.

එම ව්‍යාපෘතියට අනුව වී ගබඩා අද සිට වී මිලදී ගැනීමට විවෘතව පවතිනවා.