28 C
Colombo
Saturday, October 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු ජනපති මහින්දගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින දෙයි

හිටපු ජනපති මහින්දගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින දෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සපයා දී තිබූ ආරක්ෂක සංචිතය නිලධාරීන් 60 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණයට එරෙහිව ඒ මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 19 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (06) ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කිරීම සඳහා නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.

අදාළ පෙත්සම අද (06) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය එම පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කිරීම සඳහා කළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබා දෙන ලදි.