26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපියා විසින් අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටීමෙන් පුතා මියයයි

පියා විසින් අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටීමෙන් පුතා මියයයි

නෙලුම්වැව ප්‍රදේශයේ නිවසක අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මියගිය තැනැත්තා වයස අවුරුදු 31ක් වූ නෙලුම්වැව, සමගිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු රෝගාතුරව සිටි සිය මවට දිවා ආහාරය ගෙන යමින් සිටි අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබේ. සුනඛයින් නිවසට ඇතුළුවීම වැළැක්වීමට ඔහුගේ පියා විසින් අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටීමෙන් මෙම මරණය සිදුව ඇති බව මූලික විමර්ශනවලින් හෙළි වී තිබේ.

මෘත දේහය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සෙවනගල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.