― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsඅද සහ හෙට විදුලි කප්පාදුවක්

අද සහ හෙට විදුලි කප්පාදුවක්

විදුලි බිඳවැටීමත් සමග විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය. 

මේ සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලබාගැනීමට යොමුකර තිබේ.

ඒ අනුව මහජන උපයෝගිතා කොමිසම විසින් අදාළ විදුලි කප්පාදුව සඳහා අනුමැතිය ලබා දී ඇති අතර කාණ්ඩ 4ක් යටතේ අද සහ හෙට දිවයින පුරා මෙම විදුලි කප්පාදුව සඳහා එම අනුමැතිය ලබා දී ඇත.

විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රි 9.30 දක්වා කාලය තුල එක් එක් කලාපයට පැය 1යි විනාඩි 30 බැගින් ක්‍රියාත්මක වේ.