31.1 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලීසියේ තවත් ලොකු පුටු මාරුවක්

පොලීසියේ තවත් ලොකු පුටු මාරුවක්

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන පරිදි, රාජ්‍ය නිවේදිත නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරු කිරීම් හා පත් කිරීම් සිදුකර ඇත. මෙම පත්වීම් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව ලබා දී ඇත.

2025.02.12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත ස්ථාන මාරුවීම් ලබා දී ඇත:

  • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ විමර්ශන ලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
  • නියෝජ්‍ය පොලිස්පති පී. ලියනගේ මහතා, බස්නාහිර පළාත (රථ වාහන) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ සිට බස්නාහිර (උතුර) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුවීම් ලබා දී ඇත.
  • නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.පී. දයාරත්න මහතා, රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ සිට මූල්‍ය අපරාධ විමර්ශන දිසාවේ රාජකාරි ඉටු කිරීම සඳහා මාරුවීම් ලබා දී ඇත.

මීට අමතරව, වැඩබලන පොලිස්පතිවරයා විසින් විශේෂ රාජකාරි පදනම යටතේ 2025.02.12 වන දින සිට නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනෙවිරත්න මහතාව, නියෝජ්‍ය පොලිස්පති කෑගල්ල දිසාවට අමතරව රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා ද පත් කිරීම සිදු කර ඇත.