25 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකමිටුවේ වී සහතික මිල නිර්ණය කිරීම වැරදියි

කමිටුවේ වී සහතික මිල නිර්ණය කිරීම වැරදියි

වී සහතික මිල සැකසීම සඳහා රජය පත් කළ කමිටුවේ මිල නිර්ණය කිරීම් වැරදි බව පොළොන්නරුව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ආර්.ජී. උපාලි මහතා පැවසීය.

මේ හේතුවෙන් රටත්, ගොවියා සහ පාරිභෝගිකයාත් විශාල අපහසුතාවකට පත්ව ඇතැයි ඊයේ (10දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේය.

“වී සහතික මිල නියම කිරීම සඳහා පත්කළ කමිටුවේ අය ගන්න නිර්ණායක නිවැරදි නැහැ. රජයට නිවැරදි තොරතුරු ලබාදීමට ඔවුන් අපොහොසත් වුණා. ඔවුන් ලබාදුන් තොරතුරු නිවැරදි නොවූ නිසා වී මිලදී ගැනීමේ සැලසුම් අසාර්ථක වුණා. ඒ හේතුවෙන් අද ගොවියෝ රජයට වී ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.