30.6 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගිනි අවිය සමග අතුරුදන්වූ ‘පොලිස් කොස්තාපල්ගේ’ මාපියන්ට සිදුවූ දේ

ගිනි අවිය සමග අතුරුදන්වූ ‘පොලිස් කොස්තාපල්ගේ’ මාපියන්ට සිදුවූ දේ

පසුගිය සෙනසුරාදා දිනයේ සිය රාජකාරී ගිනිඅවිය ද සමග ගල්කිස්ස පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදන් වීමේ සිදුවීමට අදාළව ඔහුගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පොලිස් කොස්තාපල්වරයා ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ(10) රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර එම සැකකාර කොස්තාපල්වරයාට ආධාර සහ අනුබල දුන් බවට තවත් පොලිස් කොස්තාපල්වරයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අදාළ පුද්ගලයින් පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගෙන ඇති බව සඳහන්ය.