25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඔස්ට්‍රෙලියා – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය අද

ඔස්ට්‍රෙලියා – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය අද

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ඔස්ට්‍රෙලියානු එක්දින සංචාරය අදින් (12) ඇරඹෙනවා.

ඒ අනුව පළමු එක්දින තරගය අද පෙරවරු 10ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දියි ආරම්භ කෙරෙන්නේ.

අද දෙරට අතර පැවැත්වෙන්නේ 105 වැනි එක්දින ක්‍රිකට් තරගයයි.

ඔස්ට්‍රෙලියාව මෙතෙක් ශ්‍රී ලංකාව සමග පැවති එක්දින තරග 104න් 64ක් ජයගෙන ඇති අතර 36ක් ශ්‍රී ලංකාව ජයගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව එම තරගවලින් ද තරග 18ක් ද ඔස්ට්‍රෙලියාව තරග 36ක් ද සිය උපන් බිමේ දී ජයගෙන තිබීම කැපී පෙනෙනවා.

ඔස්ට්‍රෙලියාව සිය මව්බිමෙන් එපිට එක්දින තරග 15ක් ද ශ්‍රී ලංකාව එක්දින තරග 16ක් ද ජයගෙන තිබෙනවා.

එබැවින් ඔස්ට්‍රෙලියාවට සිය මව්බිමෙන් පිටත දී ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගාවලියක් ජයග්‍රහණයට ලැබෙන තවත් අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකියි.

දෙරට අතර අවසන් වරට එක්දින තරගාවලියක් පැවැත්වුණේ 2022 වසරේදීයි.

එම එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව තරග 3-2ක් ලෙස ජයගත්තා.

අද තරගයේ චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන අතර ස්ටීවන් ස්මිත් ඔස්ට්‍රෙලියාව හසුරවනු ලබනවා.

තරගාවලිය එක්දින තරග ද්විත්වයකින් සමන්විතයි