31.1 C
Colombo
Monday, September 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රවීණ ලේඛක හා දේශක උපුල් ශාන්ත සන්නස්ගලට වරෙන්තු

ප්‍රවීණ ලේඛක හා දේශක උපුල් ශාන්ත සන්නස්ගලට වරෙන්තු

ප්වීණ ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී තිබෙනවා.

ඒ ඊයේ (11) දිනයේ දී ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ නඩු කටයුත්තකට පෙනී නො සිටීම හේතුවෙන්.

කේ.කේ. ශ්‍රීනාත් නමැත්තා විසින් රචනා කරන ලද ‘බුදුන්ගේ රස්තියාදුව’ නමැති ග්‍රන්ථය හේතුවෙන් බුදු දහමට නිගරුවක් වන බව පවසමින් එවක අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපති නීතිඥ ආචාර්‍යය විජේදාස රාජපක්ෂ මහතා විසින් සන්නස්ගලට එරෙහිව නඩු පවරනු ලැබුවා.

අදාළ නඩුව ඊයේ දිනයේ දී කැඳවූ අවස්ථාවේදී එම ග්‍රන්ථයේ ප්‍රකාශන හිමිකරු වන උපුල් ශාන්ත සන්නස්ගල නමැත්තා නඩුවට පෙනී සිටියේ නැහැ.

ඒ හේතුවෙනුයි ඔහුට එරෙහිව අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කළේ