28.4 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවට පළා ගිය සැකකරුවෙකු කටුනායක දී අත්අඩංගුවට

ඉන්දියාවට පළා ගිය සැකකරුවෙකු කටුනායක දී අත්අඩංගුවට

රී ලංකාව තුළ අපරාධ රැසක් සිදු කර ඉන්දියාවට පළා ගොස් සිටි සහ ගමන් බලපත්‍ර නොමැතිව රැදී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ තැනැත්තෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ(12) රාත්‍රී පැමිණ සිටියදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්දලගල බෝඹුගලගේ සුමිත් ප්‍රියන්ත නැමැති 46 හැවිරිදි මේ පුද්ගලයා රත්නපුර , කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොහු රත්නපුර , කුරුවිට ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 50 ක මුදලක් කප්පම් ලෙස ලබා ගැනීම , මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීම සහ මිරිහාන ප්‍රදේශයේ දී ජීව අත් බෝම්බයක් ළග තබා ගැනීම සහ මිනීමැරුම් කීපයක් සිදු කර සිටියදී මෙරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග සදහා යොමු කර තිබුණි .

එහිදී මොහු අධිකරණ මග හැර බෝට්ටුක නැගී ඉන්දියාව වෙත පළා ගොස් සිටියදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් ගමන් බලපත්‍ර නොමැතිව , නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වී සිටීම නිසා , ඔහුව යළිත් මෙරටට පිටුවහල් කිරීමට ඉන්දීය ආරක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබුණි.

මෙම පුද්ගලයා ඊයේ රාත්‍රී 10.15 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 124 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී , ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

අද(13)උදෑසන මොහු කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සදහා පියවර ගෙන තිබුණි.