28.9 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගඟේ මුහුණ සෝදමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙකු ඩැහැගනී

ගඟේ මුහුණ සෝදමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙකු ඩැහැගනී

කළුතර උතුර පොලිස් වසමේ, කළුතර පාලම යටදී පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බවට (12) වන දින උදෑසන කාලයේදී පොලිසියට වාර්තා විය.

පාලම මත සිට බලා සිටි පුද්ගලයෙකු විසින් මෙම සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති අතර, ඔහු පවසා ඇත්තේ පාලම යට මුහුණ සෝදමින් සිටි පුද්ගලයෙකු හදිසියේම කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය ආකාරය තමා දුටු බවයි.

පොලිසිය විසින් සිදු කළ සෝදිසියේදී, සිද්ධිය සිදුවූ බව කියන ස්ථානයෙන් ගමන් බෑගයක් හමු වී ඇත. එම බෑගය තුළින් කතරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක පුද්ගලයෙකුගේ හැඳුනුම්පත් ඡායාරූපයක් සහ බැංකු පාස්පොත් දෙකක් සොයාගෙන ඇත.

නාවික හමුදාව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර, හමු වූ ලේඛන පිළිබඳව කළුතර උතුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.