25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිහින්තලේ පූජා භූමියේ සිදුකර ඇති අනවසර ඉදිකිරීම් ගැන අනාවරණය කළ දසතට, මිහින්තලේ...

මිහින්තලේ පූජා භූමියේ සිදුකර ඇති අනවසර ඉදිකිරීම් ගැන අනාවරණය කළ දසතට, මිහින්තලේ හිමි නඩු දමයි

දසත මාධ්‍ය ආයතනය විසින් පසුගියදා දසත සර්ච්ලයිට් හරහා මිහින්තලේ පූජා භූමිය තුල සිදුකර ඇති අනවසර ඉදිකිරීම් සම්බන්ධව අනාවරණයක් කර තිබුණා.

එහි සඳහන් වුණේ පුරාවිද්‍යා භූමියක් වන මිහින්තලේ පුද බිමෙහි සිදුකර ඇති අනවසර ඉදිකිරීම් සම්බන්ධවයි.

තනි මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවසර ලබාදී තිබූ ගොඩනැගිල්ලක් වෙනුවට මහල් දෙකකින් සමන්විත සුඛෝපබෝගී ගොඩනැගිල්ලක් ඉදිකිරීම, ගල් කටාරම් වෙනස් කිරීම, පියගැටපෙල සිමෙන්ති දමා වෙනස් කිරීම ඇතුළු අනවසර ඉදිකිරීම් බොහොමයක් සම්බන්ධව මෙහිදී අනාවරණය කර තිබුණා.

තවද ලෝක උරුමයක් ලෙස නම් කිරීමට තිබූ මිහින්තලේ පූජාභූමිය මේ හේතුවෙන් ඉවත්ව ඇති බවද එහිදී පවසා තිබෙනවා.

එම අනාවරණයෙන් පසුව පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් දසත පුවත් නාලිකාවට නඩු දමා ඇති බවයි වාර්තාවන්නේ.ඒ ස්වාමීන් වහන්සේට අපහාසයක් වුණු බවට සඳහන් කරමින් මිලියන 200 ක වන්දියක් ඉල්ලමින්.