28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeUncategorizedරාජ්‍ය ආයතනවලට භාෂා පරිවර්ථකයින් 

රාජ්‍ය ආයතනවලට භාෂා පරිවර්ථකයින් 

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව කථන භාෂාවන් වෙනස් වීමේදී රාජ්‍ය ආයතනවලින් සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාව අපහසුතාවට පත් නොකිරීම අදාළ ක්‍රියාවලියෙහි අරමුණ බවයි.

ඒ අනුව මේ වනවිට රාජ්‍ය සේවයේ නියුතු මෙරට ප්‍රධාන භාෂා හොඳින් හසුරුවන පිරිස් මූලික කරගනිමින් අදාළ සංචිතය සකස් කිරීම අරඹනු ඇත.