30 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්

අද පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්

අග්‍රාමාත්‍යතුමියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව අද (14) පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබෙනවා.

මෙදින පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළව ලැබීමට නියමිත තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතයි.

අංක 2423/04 යන 2025.02.10 දින කථානායකවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මගින් පාර්ලිමේන්තුවේ එම විශේෂ රැස්වීම කැඳවීම ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව අද පාර්ලිමේන්තුව පෙ.ව 9.30ට රැස්වෙන අතර එම රැස්වීමට පැමිණ සහභාගිවන ලෙස කථානායකවරයා විසින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා.

එසේම අද (14) මෙම පනත් කෙටුම්පත සළකා බැලීම සඳහා අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ද රැස්වීමට නියමිතයි.