31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉතිහාසයේ හොඳම අවුරුද්ද ජනතාව භුක්ති විඳින්නේ එන බක් මහේ

ඉතිහාසයේ හොඳම අවුරුද්ද ජනතාව භුක්ති විඳින්නේ එන බක් මහේ

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේවික්‍රම මහතා පවසන්නේ විදුලි බලය බිඳවැටීම වැනි කුඩා සිද්ධියක් ඇති වූ විටත් ඇතැම් විපක්ෂ කණ්ඩායම් ලොකු විවේචනයක් ගෙන ඒමට කටයුතු කරන බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් උපුල් අබේවික්‍රම මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
“හාල් නෑ, පොල් නෑ, රිලව්, ඔය එක එක කතා කියලා රටේ ආණ්ඩුව සම්බන්ධයෙන් විවේචනයක් නැති අයට මොනවා හරි මේ වගේ පොඩි සිද්ධියක් ඇති වුණාම ලොකු විවේචනයක් කරන්න පුළුවන්. නමුත් අපි මේක ඉතා ඉක්මනින් කළමනාකරණය කරලා යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බව විදුලිබල අමාත්‍යවරයාත් බලධාරීනුත් ප්‍රකාශයට පත් කළා. ඉතිහාසයේ හොඳම අවුරුද්දත් මේ රටේ ජනතාව භුක්ති විඳිනවා ඉදිරි අප්‍රේල් මාසයේ.”