31 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපුංචි ඡන්දයේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ගැන තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ

පුංචි ඡන්දයේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ගැන තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ

පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනනුකූල බැවින් විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව කතානායකවරයා අද (14) පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබුවා.

පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කරමින් මේ බව සඳහන් කළා.

පළාත් පාලන ඡන්දය පැවැත්වීම දීර්ඝ වශයෙන් ප්‍රමාද වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තරයේ අවවාද කරමින් මීට පෙර ද දැනුම්දුන්නේ වහාම එය පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි.

මේ බව සභා නායකවරයා ද පසුගියදා රැස් වූ පාර්ලිමේන්තු කාරක සභාවේ දී පෙන්වා දුන්නා.

මීට අමතරව අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මහත්මිය විසින් ද මෙම කාරණය සම්බන්ධයෙන් විශේෂ
සභා වාරයක් ඉල්ලීම කතානායකවරයාගෙන් සිදු කරනු ලැබුවා.

ඒ අනුවයි විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් සඳහා අද කැඳවනු ලැබුවේ.

මෙම තීරණය දැනුම්දීමෙන් පසුව එළඹෙන 17 වැනි දා පස්වරු 02 සිට රාත්‍රී 07 තෙක් පුංචි ඡන්දයට අදාළ පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය ද ඇරඹීමට නියමිතයි.