25 C
Colombo
Saturday, February 15, 2025

― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsයෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

නීතිපතිවරයා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණයට අධිචෝදනා ඉදිරිපත් කර තිබේ.

නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අධිචෝදනා පත්‍රයේ සඳහන් වන්නේ විත්තිකරුවන් 2012 සහ 2015 කාලසීමාව තුළ රත්මලාන සිරිමල් වත්ත උයන සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් සහ දේපළ රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් අත්පත් කරගත් ආකාරය හෙළිදරව් කිරීමට අසමත් වී ඇති බවයි.

මෙම දේපළ අත්පත් කරගැනීමේදී මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් ලෙස සැලකෙන බව නීතිපතිවරයා පෙන්වා දී තිබේ.

මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබුණි.