28.9 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅදත් වැසි රහිත කාලගුණයක්

අදත් වැසි රහිත කාලගුණයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති පරිදි, ඌව පළාතේත්, මඩකලපුව, අම්පාර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාවක් පවතී.

සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. එසේම, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.

උතුරු සහ උතුරු-මැද පළාත්වල මෙන්ම ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් හිමිදිරි උදෑසන කාලයේදී ශීත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වල සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි.