31.7 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස් - වෑන් අනතුරින් 12ක් රෝහලට

බස් – වෑන් අනතුරින් 12ක් රෝහලට

කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී අද (17) උදෑසන 6.10ට පමණ පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණි.

පටු මාර්ගයේ වංගු සහිත ප්‍රදේශයකදී වාහන දෙක එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ ගමන්ගත් තරුණියන් 8 දෙනෙකු ඇතුළු 12 දෙනෙක් කන්දකැටිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ. පසුව ඉන් 7 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගණය මුලික රෝහල වෙත මාරුකර යවා ඇත.

අනතුරින් තුවාල ලබා ඇත්තේ කන්දකැටිය, වැවේතැන්න, බෝපිටිය හා ඒ අවට ප්‍රාදේශවල පදිංචි කන්දකැටිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන පිරිසකි.

අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර කන්දකැටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.