25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමාධ්‍ය ආයතනයක වැඩට පාතාලයකු අරන්

මාධ්‍ය ආයතනයක වැඩට පාතාලයකු අරන්

ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් ලෙස මේ වනවිට මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී මාධ්‍ය ආයතනයක සේවයේ නිරත පාතාලයට සම්බන්ධ සැකකරුවෙක් පොලිසියේ මාධ්‍ය සාකච්ඡා සහ මෙහෙයුම් ආවරණ කටයුතු සඳහා සම්බන්ධ නොකරන ලෙස පොලිසිය විසින් අදාළ මාධ්‍ය ආයතනයට දැනුම් දී ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.

දකුණේ ප්‍රබල අපරාධ කල්ලියකට සම්බන්ධව කටයුතු කර ඇති මෙම පුද්ගලයාට එරෙහිව විවිධ අපරාධ චෝදනා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම පුද්ගලයා පොලිසිය විසින් පවත්වනු ලබන මාධ්‍ය සාකච්ඡා මෙන්ම පොලිස් මෙහෙයුම් ආවරණය කිරීමට අදාළ මාධ්‍ය ආයතනය නියෝජනය කර වැඩි වශයෙන් පැමිණෙන බවත් එම පොලිස් නිලධාරියා කීය.

රත්නපුර, මිනුවන්ගොඩ, බලංගොඩ, කොළඹ ආදී ප්‍රදේශ ආශිතව සිදුවූ වෙඩි තැබීමක්, මංකොල්ලකෑමක්, ගිනි අවි සහ බෝම්බ ළඟ තබාගැනීම්, කපා කොටා ඝාතනය කිරීමට තැත් කිරීමක්, මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමක් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් විටෙන් විට පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයෙන් සිර දඬුවම්ද ලබා සිටින මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසිය මේ වන විටත් විශේෂ අවධානයකින් සිටින බව ද එම නිලධාරියා කීය.

යුද හමුදාවේ කලක් සේවයේ නිරතව සිට ඇති ඔහු කළු මල්ලි, ආමි රොෂාන්, එස්.එෆ්. කළු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන්නෙක් බවත් ඔහු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් (IRC) බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.