යාපනය,වේලනෙයි,සෙට්ටිපුලම් ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් 09 හැවිරිදි පාසල් දරුවෙකු ඊයේ(16) ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය,කයිට්ස් පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ යාපනය,වේලනෙයි,සෙට්ටිපුලව්,01 වන පටුමඟ ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි චන්ද්‍රකාසන් කැනිස්ටන් නමැති දරුවෙකු එලෙස විදුලිසැර වැදීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
දරුවා සිය මව සමඟ අසල්වැසි නිවසකට ගිය අවස්ථාවක දරුවා විසින් දුරකථනය චාර්ජ් කිරීමට විදුලි පේනුවකට සවි කිරීමට ගිය අවස්ථාවේ විදුලිසැර දරුවාට වැදී ඇති බව මුලිකව නිරීක්ෂණය වන බව ප්‍රදේශවාසීන් පැවසූහ.
විදුලිසැර වැදුණු දරුවා යාපනය වේලනෙයි රෝහලට ඇතුළත් කොට ඇතත්,අදාළ අවස්ථාවේ දරුවා මියගොස් ඇති බවද ප්‍රදේශවාසීන් පැවසූහ.
දරුවාගේ මළ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.