26.1 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයවැය හොද නිසා දෙකෝටි විසි ලක්‍ෂයක් සතුටු කදුළු සලමින් හිනැහෙනවා

අයවැය හොද නිසා දෙකෝටි විසි ලක්‍ෂයක් සතුටු කදුළු සලමින් හිනැහෙනවා

මෙවර අයවැයෙන් අයවැයක් යනු කුමක්දැයි රටටත් පාර්ලිමේන්තුවටත් දැනුනු බව නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි.

විකිණීමක්, හිඟාකෑමක් හෝ ණය ගැනීමක් ගැන මෙවර අයවැයේ කිසිදු තැනක සඳහන් නොවන බවද ඔහු පැවසීය.

ජනතාවට ආදායම් ලබාගත හැකි ආයෝජනයක් මෙන්ම රටට ස්වයං ආදායම් උත්පාදන මාර්ගයක් ලෙස මෙවර අයවැය සැලකිය හැකි බවත් ඔහු කියා සිටියි.

මෙරට දෙකෝටි විසි ලක්ෂයක් වූ ජනතාවට මුවගට සිනහ කැන්දන සතුට දනවන අයවැයක් මෙය බවද, විපක්‍ෂය පරවුණු මල් ආකාරයට මැලවී ගොස් ඇති බවද ඔහු කියා සිටියේය.

අයවැය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.