27 C
Colombo
Friday, February 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsආණ්ඩුවට ඕන විදියට අපි දේශපාලනය කරන්නේ නැහැ – නාමල් (වීඩියෝ)

ආණ්ඩුවට ඕන විදියට අපි දේශපාලනය කරන්නේ නැහැ – නාමල් (වීඩියෝ)

ආණ්ඩුවට අවශ්‍ය පරිදි දේශපාලනය කිරීමට සූදානම් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවේ ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර අද (18) කොළඹ මහාධිකරණය හමුවේ භාරගෙන; ඇප ලබා අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ අධිකරණ පද්ධතියේ ගෞරවය ආරක්ෂා කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ඇති බවට විශ්වාස කරන බවයි.

එමෙන්ම තම නිර්දෝෂී භාවය අධිකරණය හමුවේ ඔප්පු කිරීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර සිටියා