28.4 C
Colombo
Tuesday, September 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාන්තාවන්ට අසභ්‍ය ඡායාරූප යැවූ පුද්ගලයෙක් අත්අඩංගුවට

කාන්තාවන්ට අසභ්‍ය ඡායාරූප යැවූ පුද්ගලයෙක් අත්අඩංගුවට

කාන්තාවන් කිහිපදෙනෙකුට Whatsapp හරහා අසභ්‍ය ඡායාරූප, ලිංගික දර්ශන හා හඬපට යොමුකරමින් අයුතු ලිංගික යෝජනා හා හිරිහැර සිදුකළ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

පොලීසිය පවසන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උතුරුමැද පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිලි අනුව කළ විමර්ශනවලින් පසු මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

විමර්ශනවලදී හෙළිවූ කරුණු අනුව, මෙම කාන්තාවන් තම යතුරුපැදි අළුත්වැඩියා කරගැනීමට සේවා ස්ථානයකට ගිය අවස්ථාවේ එහි හිමිකරු විසින් ඔවුන්ගේ දුරකථන අංක ලබාගෙන මෙම හිරිහැර සිදුකර ඇත.

වයස අවුරුදු 49ක් වන සැකකරු පණ්ඩුලගම, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු ඊයේ (17) දින අත්අඩංගුවට ගෙන ඇත.

අද (18) දින අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.