26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගිනිඅවි ගබඩාවක් නිවසකින් හමුවෙයි

ගිනිඅවි ගබඩාවක් නිවසකින් හමුවෙයි

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගිනිඅවි හා ජීව පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි පොලීසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

හීනටියන, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි සැකකරු ඊයේ (17) දහවල් කාලයේ කටුනායක පොලිස් වසමේ හීනටියන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ 9mm වර්ගයේ ජීව පතරොම් 47ක් සහ බෝර 12 වර්ගයේ ජීව පතරොම් 20ක් තිබී සොයාගෙන ඇත.

තවද, ඔහුගේ නිවස වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී, විදෙස් රටක නිෂ්පාදිත රිපීටර් වර්ගයේ ගිනිඅවි 02ක් හා හිස් පතරොම් ගැබ් 02ක්, විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් හා හිස් පතරොම් ගැබ් 02ක්, වාහන අංක තහඩුවක් හා රක්ෂණ කාඩ්පතක්, ගිනිඅවි බලපත්‍ර අළුත් කිරීමේ කුවිතාන්සිපත් 03ක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.