25 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජල මණ්ඩලයෙන් නිවේදනයක්

ජල මණ්ඩලයෙන් නිවේදනයක්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයකට අනුව, වත්මන් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුමට බාධා ඇතිවීමේ අවදානමක් පවතී.

නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හි ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ යමින් පවතින බවයි. මීට අමතරව, උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් ජනතාවගේ ජල පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතී.

මේ හේතුවෙන්, වාහන සේදීම හා ගෙවතු වගාව වැනි කටයුතු සඳහා ජලය භාවිතා කිරීම අවම කර, අත්‍යවශ්‍ය දෛනික කටයුතු සඳහා පමණක් ජලය භාවිත කරන ලෙස මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.