පසුගියදා රටින් පළාගිය ගල්කිස්ස පොලිස් ස්ථානයට අනියුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයා වෙනත් පාර්ශ්වයකට යොමුකළ රාජකාරි ගිනිඅවිය සොයාගෙන තිබෙනවා. එම ගිනිඅවිය සඳහා යොදාගන්නා උණ්ඩ 30ක් පොලිස් භාරයට ගෙන තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.
ඊට අමතරව සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා.
මෙම ගිනි අවිය පිළිබද විමර්ෂන ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රහ්මණගේ මහතාගේ උපදෙස් මත සිදු කෙරුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් 04ක් විසින් පරීක්ෂණ සිදු කළා.
ඒ අනුව ඊයේ (17) ලැබුණු තොරතුරක් මත බඩෝවිට ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී මෙම ගිනි අවිය සහ ඒ සඳහා යොදා ගන්නා උණ්ඩ 30ක් සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිතිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වූ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.
මෙම අත්අඩංගුවට ගත් සැකකරු අද (18) දින අධිකරණයට ඉදිරිපත් කර රඳවා තබා ගැනීමේ නියෝග මත වැඩිදුර ප්‍රශ්ණ කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඩුබායි රාජ්‍යට පළාගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා. ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.