26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්පැන් මිල සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

මත්පැන් මිල සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

සුරාබදු කොමසාරිස් ජනරාල් යු.එල්. උදය කුමාර පෙරේරා මහතා පවසන්නේ 2025 වසරේ ජනවාරි මස 07 වනදා මත්පැන්වල මිල වැඩිවීම් සිදුකළ බැවින් නැවතත් මේ වතාවේ මිල වැඩිවීමක් සිදුනොවන බවයි.

කොළඹ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මෙම කරුණු අවධාරණය කළේය.

එමෙන්ම, රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු, වැටුප් වැඩි කිරීමත් සමඟ රාජ්‍ය සේවකයින් අභිප්‍රේරණයෙන් යුතුව ඉදිරියේ දී ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසීය.

නීති විරෝධී මත්පැන් කටයුතු සියල්ල මර්දනය කර රාජ්‍ය ආදායම වැඩිකිරීම වෙනුවෙන් පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් එහිදී සඳහන් කළේය.