23.4 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහ කන්නයේ වගා හානි සඳහා රුපියල් මිලියන 306 ක් ගෙවා අවසන්

මහ කන්නයේ වගා හානි සඳහා රුපියල් මිලියන 306 ක් ගෙවා අවසන්

2024-2025 මහ කන්නයේදී සිදුවූ වගා හානි වෙනුවෙන් කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මේ වන විට රුපියල් මිලියන 306ක වන්දි මුදල් ගෙවා අවසන් බව සඳහන් කරයි. තවද, මෙම සතිය තුළ තවත් රුපියල් මිලියන 300ක් ලබාදීමට නියමිතය.

ගංවතුර තත්ත්වය හේතුවෙන් 2024-2025 මහ කන්නයේ හානියට පත්වූ වගාබිම් පරීක්ෂා කිරීමේ කටයුතු දැනට අවසන් කර ඇත. මේ යටතේ පොළොන්නරුව, වව්නියාව, මුලතිව් සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල කොටසක ගොවීන්ගේ බැංකු ගිණුම්වලට රුපියල් මිලියන 306ක රක්ෂණ වන්දි මුදල් බැර කර තිබේ.

මෙම වන්දි ලබාගත් ගොවීන් සංඛ්‍යාව 18,216ක් වන අතර, හානියට පත් වූ කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 21,048කි.

හෙට දින මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවීන් 9,368 දෙනෙකු වෙත රුපියල් මිලියන 202ක මුදලක් ලබාදීමට නියමිතය. එමෙන්ම, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගොවීන් 6,671 දෙනෙකුගේ හානියට පත් වූ කුඹුරු අක්කර 6,958ක් සඳහා රුපියල් මිලියන 98ක මුදලක් ලබන සිකුරාදා වන විට ඔවුන්ගේ ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.