26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩිවන හැටි මහින්ද ජයසිංහ පහදයි

රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩිවන හැටි මහින්ද ජයසිංහ පහදයි

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා 2025 අයවැයෙන් සිදුකිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකළේය. ඒ අද (18) උදෑසන ආරම්භ වූ අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, ඇතැමුන් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවමින් සිටින බවයි. අදාළ වැටුප් වැඩිකිරීම හමුවේ රාජ්‍ය සේවයේ පහළම ස්ථරයේ සිටින PL 1 කාණ්ඩයේ අවම වැටුප රු 5,975කින් ඉහළ යනු ඇති බවද ඔහු පැවසීය.

ග්‍රාම නිලධාරීවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වැටුප් සකස් වන ආකාරය පහදා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ, දළ වැටුප් වැඩිවීමෙන් රු 7,500ක් අඩුකර ඉතිරි මුදලින් 30%ක ප්‍රමාණයක් අප්‍රේල් මස 1 වන දා සිට සියලු රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුපට එක්වන බවයි.