26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු ඇමති ප්‍රියංකරට අධි චෝදනා බාර දෙයි

හිටපු ඇමති ප්‍රියංකරට අධි චෝදනා බාර දෙයි

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදීම සිදුවිය. මෙම චෝදනාව අනුව, ඔහු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් පොළඹවා රුපියල් 494,000ක මුදලක් හලාවත ප්‍රදේශයේ බැංකු ගිණුමකට බැර කරවා ගැනීමෙන් “දූෂණය” යන වරද සිදුකර ඇති බවට චෝදනා ලබයි.

විනිසුරුවරයා විසින් විත්තිකරු වන හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කරන ලදී.

අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති මෙම නඩුවේ චෝදනාවට අනුව, 2013 වසරේ සැප්තැම්බර් 21 සිට ඔක්තෝබර් 24 දක්වා කාලය තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි අවධියේදී, හලාවත පිහිටි බැංකුවක ගිණුමකට රුපියල් 494,000ක මුදලක් බැර කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් පොළඹවා ගැනීම මගින් අල්ලස් පනත යටතේ දූෂණ වරදක් සිදුකර ඇති බවට චෝදනා කෙරේ.