26.7 C
Colombo
Friday, August 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ විමර්ශන කටයුතු CCD යටතට

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ විමර්ශන කටයුතු CCD යටතට

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අද (19) උදෑසන සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් ගනේමුල්ල සංජීව ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින් විමර්ශනය කරන බව වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටියේය.

වාර්තා වන අන්දමට, නීතිඥවරයෙකු ලෙස වේෂ ගත් පුද්ගලයෙකු විසින් අධිකරණය තුළදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත. වෙඩි තැබීම සඳහා භාවිත කළ රිවොල්වරය අධිකරණ භූමියෙන් සොයාගැනීමට හැකි වී තිබේ.

සංජීවට වෙඩි උණ්ඩ හයක් පමණ වැදී ඇති බව අනාවරණය වී ඇති අතර, ඔහු වහාම කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කරන ලදී. නඩු කටයුත්තකට සහභාගී වීම සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අද පෙරවරුවේ ඔහු අධිකරණයට රැගෙන එනු ලැබ තිබිණි.

අප වාර්තාකරු පවසන පරිදි, මේ වන විට අධිකරණ පරිශ්‍රය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර, ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇත.