28.9 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපැය 24 පුරා විවෘතවන පාස්පෝට් කාර්යාලය

පැය 24 පුරා විවෘතවන පාස්පෝට් කාර්යාලය

මහජන ආරක්ෂණ හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරාවටම විවෘතව තබා ගැනීමට පියවර ගෙන ඇති බවයි. මෙම ක්‍රියාමාර්ගය ඊයේ (18) රාත්‍රියේ සිට අනුගමනය කරන බව ද ඔවුන් සඳහන් කරයි.

මීට අමතරව, දෛනිකව විදේශ ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කිරීමට ද පියවර ගෙන ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර ඇත.

එසේම, අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, කොළඹ කොටුවේ සිට බත්තරමුල්ල දක්වා රාත්‍රි කාලයේදී ලංගම බස් සේවාවක් ද අද සිට ක්‍රියාත්මක කරන බවයි.