24 C
Colombo
Saturday, November 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිද්දෙණිය සසල කරමින් පුංචි දියණියට හා පියාට මරු කැඳවු වෙඩිතැබීම

මිද්දෙණිය සසල කරමින් පුංචි දියණියට හා පියාට මරු කැඳවු වෙඩිතැබීම

මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දියේදී සිදුවූ වෙඩිතැබීමකින් පියෙකු සහ ඔහුගේ හය හැවිරිදි දියණිය මියගොස් ඇති බව පොලීසිය පවසයි.

ගල්පොත්ත පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක් වූ පුද්ගලයෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා ඇති අතර, ඔහු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබේ.

වෙඩිතැබීමෙන් මරණකරුගේ දරුවන් දෙදෙනාද තුවාල ලබා ඇති අතර, තංගල්ල රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු 06ක් වූ දියණිය මියගොස් ඇත. පුතා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ මෙම වෙඩිතැබීම සඳහා ටී-56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවට සැක කරන බවත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවත්ය.