28.9 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද ඩොලරය තවත් ඉහළට

අද ඩොලරය තවත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ අද (20) දිනට නිකුත් කළ දෛනික විනිමය අනුපාතික වාර්තාවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 292.72ක් සහ විකුණුම් මිල රුපියල් 301.30ක් දක්වා ඉහළ ගොස් ඇත.

ප්‍රධාන වාණිජ බැංකු හයක අද දිනට වාර්තා වූ ඩොලර් ගැනුම් හා විකුණුම් මිල ගණන් පහත පරිදි වේ:

ලංකා බැංකුව විසින් ගැනුම් මිල රුපියල් 293.25ක් සහ විකුණුම් මිල රුපියල් 301.25ක් ලෙස නියම කර ඇත. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගැනුම් මිල රුපියල් 290.12ක් සහ විකුණුම් මිල රුපියල් 301.75ක් වන අතර, හැටන් නැෂනල් බැංකුවේ (HNB) ගැනුම් මිල රුපියල් 293.00ක් සහ විකුණුම් මිල රුපියල් 300.00ක් ලෙස වාර්තා වී තිබේ.

සෙලාන් බැංකුව ගැනුම් මිල රුපියල් 292.25ක් සහ විකුණුම් මිල රුපියල් 300.25ක් ලෙසද, කොමර්ෂල් බැංකුව ගැනුම් මිල රුපියල් 291.88ක් සහ විකුණුම් මිල රුපියල් 300.50ක් ලෙසද, අමානා බැංකුව ගැනුම් මිල රුපියල් 294.40ක් සහ විකුණුම් මිල රුපියල් 299.40ක් ලෙසද නියම කර ඇත.