31.1 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගනේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරුට පළා යෑමට උදව් කළ රියැදුරුගේ පැටිකිරිය එළියට

ගනේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරුට පළා යෑමට උදව් කළ රියැදුරුගේ පැටිකිරිය එළියට

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස, ගනේමුල්ල සංජීවගේ ඝාතනය සිදුකළ වෙඩික්කරුට පලා යෑමට උදව් කළ බව කියන රියැදුරු පිළිබඳව ප්‍රකාශයක් සිදුකළේය. මෙම ප්‍රකාශය සිදුකරන ලද්දේ අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

අත්අඩංගුවට ගත් සැකකරුගේ නම මහේෂ් සම්පත් ප්‍රියදර්ශන බව සඳහන් කළ අමාත්‍යවරයා, ඔහුගේ වයස අවුරුදු 44ක් බවද පැවසීය. දැනට වාර්තාවන පරිදි වෙඩික්කරු පුත්තලමට ප්‍රවාහනය කර ඇත්තේ මෙම පුද්ගලයා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.