25.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිද්දෙණියේ  වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පිරිමි දරුවාත් මිය යයි

මිද්දෙණියේ  වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පිරිමි දරුවාත් මිය යයි

මිද්දෙණිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් සිදු කළ වෙඩි තැබීමක් අතරතුර මෙම දරුවාටද වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

වෙඩි වැදීමෙන් යතුරුපැදි කරු මිය ගිය අතර, ඔහුගේ පුතා සහ දියණිය තුවාල ලබා ප්‍රතිකාර සඳහා තංගල්ල සහ ඇඹිලිපිටිය යන රෝහල්වලට ඇතුළත් කිරීමටයි කටයුතු කෙරුණේ.
දියණිය මුල් අවස්ථාවේම මිය ගියා.

අවුරුදු 9ක් වයස වූ පිරිමි දරුවා ගාල්ල ජාතික රෝහලේදී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙනවා.