27.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරන් පදක්කම්ලාභී ක්‍රීඩිකාව ජීවිතක්ෂයට පත්වෙයි

රන් පදක්කම්ලාභී ක්‍රීඩිකාව ජීවිතක්ෂයට පත්වෙයි

17 හැවිරිදි ඉන්දීය කනිෂ්ඨ බර එසවුම් ක්‍රීඩිකා යෂ්ටිකා ආචාර්යා බිකනර් හි ව්‍යායාම ශාලාවක පුහුණුවීම් අතරතුර සිදුවූ ඛේදජනක අනතුරකින් මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, කිලෝග්‍රෑම් 270ක බාබෙල් එකක් ලිස්සා ගොස් ඇගේ බෙල්ලට වැටීමෙන් ඇතිවූ මාරාන්තික අස්ථි බිඳීමෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.

ප්‍රථමාධාර ලබාදී රෝහල වෙත රැගෙන ගිය නමුත්, වෛද්‍යවරුන් පැමිණෙන විට වන විටත් ඇය මිය ගොස් තිබී ඇත.

පුහුණුවීම්වලට සහභාගී වීම වෙනුවෙන් හනුමන්ගාර්හි පැවති පවුලේ විවාහ මංගල්‍යයකට සහභාගී නොවීමට ඇය තීරණය කර තිබුණි.

පසුගිය වසරේ ගෝවාහි පැවති ජාතික බෙන්ච් ප්‍රෙස් ශූරතාවලියේ උප-කනිෂ්ඨ කිලෝග්‍රෑම් 84 සහ ඊට වැඩි කාණ්ඩයේදී රන් පදක්කම දිනා ගැනීමට ඇය සමත් වී තිබුණි.

මෙම ඛේදජනක අනතුර සිදුවූ ආකාරය දැක්වෙන වීඩියෝවක් දැනට සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතී. එම වීඩියෝව පහතින් දැක්වේ.