29 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවටගලගේ 'බූරුවා' කතාවට නලින්දගේන් අද ප්‍රතිචාර

වටගලගේ ‘බූරුවා’ කතාවට නලින්දගේන් අද ප්‍රතිචාර

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, ඊයේ දින අලුත්කඩේ උසාවිය තුළ සිදුවූ වෙඩි තැබීමෙන් පසු එහි පැමිණියේය.

මාධ්‍යවේදීන් විසින් එල්ල කරන ලද දැඩි ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දීමට අපොහොසත් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා එතැනින් ඉවත්ව ගියේය. එහිදී ඔහුගේ රියදුරු හට “බූරුවා” ලෙස දුරකතනයෙන් ඇමතූ සිද්ධිය විශාල ආන්දෝලනයකට තුඩු දුන්නේය.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අද දින පාර්ලිමේන්තුවේදී මෙම සිද්ධිය සිහිපත් කළේය. කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු මෙම වචන භාවිතය පිළිබඳව ප්‍රශ්න කළේ, එවැනි වචන භාවිතයක් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරුගේ පවුලේ සාමාජිකයන්ට ද මානසික පීඩාවක් ඇති කරන බව පෙන්වා දෙමිනි.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මීට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ, මෙවැනි උණුසුම් අවස්ථාවන්හිදී මෙබඳු සිදුවීම් ඇතිවිය හැකි බවත්, නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් තමන් කණගාටුව පළ කරන බවත්ය.