26.7 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsෆිච් රේටිංග්ස් අයවැය ගැන සතුට පළකරයි

ෆිච් රේටිංග්ස් අයවැය ගැන සතුට පළකරයි

ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ සමාගමක් වන ෆිච් ආයතනය පවසන්නේ, 2025 වසර සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ක්‍රියාත්මක කරන වැඩසටහනේ දී අපේක්ෂිත ඒකාබද්ධ කිරීමේ වේගය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා මන්දගාමී වන බවයි.

මෙම අයවැය යෝජනාවලිය තුළින් ළඟා කර ගැනීමට අපේක්ෂිත දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක් වූ ප්‍රාථමික අයවැය අතිරික්තය සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.9%ක් වූ පොලී ගෙවීම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ අපේක්ෂිත ඉලක්කයන්ට වඩා වැඩි බව ඔවුන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, මෙම අයවැය යෝජනාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහනේ ප්‍රක්ෂේපණවලින් ඈත් වීමට හේතු නොවනු ඇතැයි තමන් උපකල්පනය කරන බව ද ෆිච් ආයතනය සඳහන් කරයි.