27.8 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිසිය ලව් කරනවනේ ලස්සනට.. බලන්නකෝ ලස්සන

පොලිසිය ලව් කරනවනේ ලස්සනට.. බලන්නකෝ ලස්සන

ගනේමුල්ලේ සංජීව අධිකරණයේ දී වෙඩි තබා ඝාතනය කළ බවට සැක කරන පුද්ගලයා පැය කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීම පිළිබඳ සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

කෙසේ වුව ද, මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත්තේ ඩුබායි පාතාළයෙන් ලැබුණු ඔත්තුවක් අනුව ඩුබායි පාතාළයේ දක්ෂතාව නිසා බව දැනට වාර්තා වන ප්‍රවෘත්ති අනුව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මීගමුවේ දී සැකකරුගෙන් වෙන්ව ඇති, එම ඝාතනය සඳහා උදව් කළ කාන්තාව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා සඳහන් කරයි.

චාමර සම්පත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ, සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ලව් කරන්නාක් මෙන් හැසිරීමෙන් ඡායාරූප ගෙන මාධ්‍යයට නිකුත් කර ඇති බවත්, ඒ පිළිබඳ මහජන ආරක්ෂක ඇමතිවරයා පරීක්ෂණයක් කළ යුතු බවත්ය.

ඔහු මේ අදහස් පළ කළේ, අද (21) පාර්ලිමේන්තුව අමතමිනි.